සාමාන්‍ය ඩිජිටල් කැමරා මෙන් නොව SLR කැමරා වල කාච ගැලවීමේ හැකියාව තිබෙනවා. එමනිසා අපට අවශ්‍ය මොහොතක අවශ්‍ය කාචයක් භාවිතා කර ඡායාරූප ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපගේ ඡායාරූපයට ගැලපෙන කාචය තෝරාගත වෙනවා. ඒ සඳහා මෙම ත්‍රෙඩ් එක උදව්වක් වේයැයි මම සිතනවා.

කාච වර්ග.
සාමාන්‍ය සම්මත කාච (normal/standard lenses)
පුළුල් කෝණ කාච (wide angle lenses)
දුර සේයා කාච (telephoto lenses)
යුමුහු කාච (zoom lenses)
මැක්‍රෝ කාච (macro lenses)
මයික්‍රෝ කාච (micro lenses)
නාභි දුර (focal length)
ප්‍රධාන කාචයේ සිට නාභිතලයට(image sensor) ඇති දුර වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.
උදා:- 24mm, 28mm, 50mm, 135mm, 300mm
දර්ශන කෝණය. (angle of view)
කාචයේ සිට නාභියට ඇති දුර අනුව ලබාගත හැකි රූපරාමුවේ ප්‍රමාණය දර්ශන කෝණයයි. නාභිදුර අඩු වන විට දර්ශන කෝණය වැඩිවන අතර නාභිදුර වැඩිවන විට දර්ශන කෝණය අඩු වේ. පහත රූපසටහනින් එය පැහැදිලි වේ.
නාභියේ දුරට අනුව කෝණය
8mm - Fish Eye - 180'
24mm - Wide Angle - 84'
135mm - Telephoto - 18'
1200mm - Super Telephoto - 2'
මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී..
No comments:
Post a Comment