බුදුගුණාලංකාරය

සිංහල සාහිත්‍ය යනු මූලික වශයෙන්ම බෞද්ධ සාහිත්‍යකි.ආදී සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණකරුවෝ වස්තු විෂය පමණක් නොව ආකෟතිය සදහා මූලාශ්‍ර කර ගන්නේද
බෞද්ධ සාහිත්‍යයයි.මේ අතර බුදු ගුණ වර්නණා කරනු සඳහා විශේෂයෙන් කැපවූ සාහිත්‍ය කෟති පෙලක් අපට හමුවේ.ඒ අතරින් පොළොන්නරු යුගයේ රචිත
බුත්සරණ කෟතිය බුදුගුණ වර්ණනාව කේන්ද්‍ර කරගත් කෟතියකි.කෝට්ටේ යුගයේ 6 වන බුවනෙකබා රජු සමයේ පලවූ තවත් එබඳු බුදුගුණ වැනීමට කැපවූ ග්‍රන්ථයක්නම් බුදුගුණාලංකාරයයි.ක්‍රි ව 1475 දී එනම් මෙයට අඩ සියවසකට පෙර එවක විද්වත් පඬිවරයෙකු වශයෙන් ප්‍රකටව සිටි විදාගම මෛත්‍රෙය හිමියන් විසින් බුදුගුණාලංකාරය රචනා කරන ලද්දේ බුදුගුණ වැයීම සඳහාය.
කය නම් අසාරය-බවනම් බයංකායර
කියනුව දිවාරැය-කියමි බුදුගුණාලංකාරය
කියනුව දිවාරැය-කියමි බුදුගුණාලංකාරය
යයි පැවසීමෙන් පැහැදිලි වන්නේ මෙය දිවා රාත්‍රී නොකඩවා පරිශීලණය කල යුතු හස්තාර ග්‍රන්ථයක් ලෙස උන්වහන්සේ විසින් රචනා කරන ලද බවයි.මෙම අගනා කෟතිය රචනය මගින් උන්වහන්සේගේ අරමුණ වූයේ වියපත් පඬිවරුන්ට වඩා භක්තියෙන් ඇලලී ගිය සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම බව පෙනේ.කාව්‍ය රචනය සඳහා සරල බස් වහරක් උන්වහන්සේ යොදාගෙන ඇත්තේ එහෙයිනි.පද්‍ය 612කින් සමන්විත මෙම කෟතිය එවක සමාජයේ පැවති විවිධ නිසරු බමුණු ඇඳහිලි හා දේව විශ්වාසයන් දැඩි ලෙස හෙලා දැකීමට උන්වහන්සේ උපයෝගී කරගත්හ.මේ සඳහා කථා වස්තුවක් පාදක කොට ගැනීමෙන් උන්වහන්සේ තුල වූ ප්‍රතිභා ශක්තිය මැනවින් කැපී පෙනේ.බුදුගුණාලංකාරයට වස්තු වූයේ බුදුහිමි අවදියේ විශාලා මහනුවර ඇති වූ මහා සාගතයයි.මෙබඳු ව්‍යසනයකින් ගැලවීමට දෙවියන් යදින්නන් උන්වහන්සේගේ දැඩි උපහාසයට ලක් වූහ.
වඳුරෙකූ පීනූ මුහුද
එතෙරට යා නොහී ඉඳ
ගියෙල රම් හේ බැඳ
මෙසේ වෙද මෙලොව දෙවියන් තෙඳ
එතෙරට යා නොහී ඉඳ
ගියෙල රම් හේ බැඳ
මෙසේ වෙද මෙලොව දෙවියන් තෙඳ
විෂ්ණු දෙවියන් හනුමා බඳු වඳුරෙකුට තරම්වත් බලයක් නොවූවෙකු බව මෛත්‍රෙය හිමියන් පවසන්නේ දැඩි උපහාසයෙන් දෙවියෝ නම් දෙව්ලොව වැසියෝය.
ඔවුහු මිනිසාගේ ගද පවා පිලිකුල් කරති.එසේ තිබියදී දිව්‍ය බොජුන් අතහැර මිනිස් වෙසින් දෙන ආහාර පිලිගන්නට ඔවුන් පැමිනේද?
ගහයෝ නම් අඹරදොවියෝය ඌ සුරපුර
නොගනිති අන් අහර-උදක් අමරස මිසක් සුරපුර
සිව් සිය ගම් අසල
වූ නම් නරෝ යම් කල
දෙවියෝ තමන් ගෙල
දැවටී කුණු සේ කරති පිළිකුල
එබඳු දෙව් ලොව සිට
දෙවියෝ අවුත් මෙලොවට
තමන් දුන් අහරට
තුටුව සෙත කර නොයති රැක සිට
නොගනිති අන් අහර-උදක් අමරස මිසක් සුරපුර
සිව් සිය ගම් අසල
වූ නම් නරෝ යම් කල
දෙවියෝ තමන් ගෙල
දැවටී කුණු සේ කරති පිළිකුල
එබඳු දෙව් ලොව සිට
දෙවියෝ අවුත් මෙලොවට
තමන් දුන් අහරට
තුටුව සෙත කර නොයති රැක සිට
අනෙක් අතට මිනිසා දෙන බලි බිලි වලින් යැපෙන්නේනම් නිවට යාචකයන් හා දෙවියන් අතර වෙනසක් නොමැත.
නරලොව දෙන පුදට
රිසිවන දොරින් දොර සිට
සුරනැයි යනු කුමට
දුගී යාචකයන්ට එනිවට
රිසිවන දොරින් දොර සිට
සුරනැයි යනු කුමට
දුගී යාචකයන්ට එනිවට
මන්ත්‍ර ජප කරමින් යකැදුරු කමින් බඩවඩාගත් බමුණන් කෝට්ටේ යුගයේ සමාජයේ කැපී පෙනෙන පිරිසක් වූ බව ඇරිටිඨ කී වෙණඩු පෙරුමාල් පිළිබඳ පුවත මෙන්ම සීතාවක බැරැන්ඩි කෝවිලේ නටබුන්ද අපිට සිහිගන්වයි.එබඳු බමුණන් විදාගම හිමියන්ගේ නිර්දය උපහාසයට ලක් වූහ.
බොරුවේ මතුරු බැඳ
වලනන ලෙවන් හැම සඳ
බමුණන්ගෙන් දුලද
වැඩක් වූයේ ලොවට කිකිලද?
වලනන ලෙවන් හැම සඳ
බමුණන්ගෙන් දුලද
වැඩක් වූයේ ලොවට කිකිලද?
බුදුගුණ වැනීම් කරන අතර රාජ්‍ය පාලයනය හා පාලකයන් පිලිබඳවද තම මතය නොවපහා පල කිරීමට උන්වහන්සේ පසුබට නොවූහ.හොද පාලකයෙකු
පිලිබඳ උන්වහන්සේගේ ආකල්පය මෙසේ බුදුගුණාලංකාරයට ඇතුලත් කර තිබේ.
සක බිම පෙරලෙමින්
ගැල බඩු නිසල කරමින්
එවතින මෙන් නොමින්
තුමු දුක් විඳිති සත කරමින්
රොන් අරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්
දත් මැදලා දමන
දැහැටි දඬු මෙන් දින දින
තමහෙ ගෙන දනන් ගෙන
පසුව නොදමති නොදන්නන් මෙන
ගැල බඩු නිසල කරමින්
එවතින මෙන් නොමින්
තුමු දුක් විඳිති සත කරමින්
රොන් අරගෙන සෙමින්
යන බිඟු ලෙසින් කුසුමින්
ලොවට දුක් නොදෙමින්
ගනිති අය පඬුරු පෙර නියමින්
දත් මැදලා දමන
දැහැටි දඬු මෙන් දින දින
තමහෙ ගෙන දනන් ගෙන
පසුව නොදමති නොදන්නන් මෙන
මෛත්‍රෙය හිමියන් විශාලා මහනුවර ව්‍යසනය වර්ණනා කිරීමේදී ඉතා සරල බස් වහරක් මනා හසලතාවයකින් තෝරා ගන්නේ උචිත මනෝභාවයන් පුබුදු කරමිනි.
ගොඩ ගොඩ ඇටසැකිලි
තැන තැන තිබූ බලි බිලි
මග මග රෙදි වැරලි
එපුර ඇම තැන බලත් පිලිකුලි
දොර දොර මිනී බෙර
ගෙයි ගෙයි හඬය බියකර
පිල පිල අදින මර
දුගී ගිලනුන්ගෙන් නැ තවසර
නොලු ගානා තනක්
දියතලු තෙමන පමණක්
නැතිව තුරු සෙවනක්
දුකෙකි සිව්පාවුන්ට දියනක්
අයෙක් රට වැස්සෝ
වට ලූය දැසි දැස්සෝ
ඌය පෙර නිස්සෝ
දැනුත් වටලා දුවති මැස්සෝ
තැන තැන තිබූ බලි බිලි
මග මග රෙදි වැරලි
එපුර ඇම තැන බලත් පිලිකුලි
දොර දොර මිනී බෙර
ගෙයි ගෙයි හඬය බියකර
පිල පිල අදින මර
දුගී ගිලනුන්ගෙන් නැ තවසර
නොලු ගානා තනක්
දියතලු තෙමන පමණක්
නැතිව තුරු සෙවනක්
දුකෙකි සිව්පාවුන්ට දියනක්
අයෙක් රට වැස්සෝ
වට ලූය දැසි දැස්සෝ
ඌය පෙර නිස්සෝ
දැනුත් වටලා දුවති මැස්සෝ
විශාලා මහනුවර මහා සාගතියෙන් ගලවා ගැනීම සදහා බමුණන් උපයෝගී කරගත් ක්‍රමවේදවල නිරර්ථක බව හෙලිකොට බුදුහිමියන්ගේ ගුණ කඳ වරණනා කිරීමට
මෛත්‍රෙය හිමියෝ මඟ පාදා ගනිති.අතිශෝක්තියෙන් හා සාහිත්‍යෝක්තියෙන් බරවුවද බුදුහිමියන් පිළිබඳව කරන විස්තරය සඳහා පද්‍ය 200කටත් වඩා වැඩි සංඛ්‍යාවක් යොදාගෙන ඇත.
කින් යස කොත් දස දික් දිගු යටග බඳ
තර්මත් මහනෙත් පාමුල මත නෙරිඳු සඳ
සෙත් කල මුණි සඳ හැම කවි පෙදෙන් බැඳ
සත් වැඩ වස් මෙද කලෙ මෙසේ සිහින් නද
තර්මත් මහනෙත් පාමුල මත නෙරිඳු සඳ
සෙත් කල මුණි සඳ හැම කවි පෙදෙන් බැඳ
සත් වැඩ වස් මෙද කලෙ මෙසේ සිහින් නද
යනුවෙන් කෟතියේ කතෟත්වය හෙලි කරන වීදාගම හිමියෝ මෙලී සිතින් බුදුවෙම්වා තිලොගුරු යනුවෙන් ප්‍රාර්ථනා කරති.
මෙය මා හට ආ ඊමේල් එකකින් උපුටා ගන්නා ලදී..
ela
ReplyDelete👍
ReplyDelete🙏
ReplyDeleteGood
ReplyDelete